ජoගම දුරකතන අන්ලොක් කරන හැටි

බොහෝ රටවල දුරකතන ගිණුමක් සමගම දුරකතනයක් නොමිලේ ලබා දෙන අතර එම ජාලයෙන් මිස වෙනත් කිසිදු ජාලයකින් සේවා ලබා ගැනීමට නොහැකි වන සේ එවා අගුලු දමයි. පිටරට වලින් මෙරටට ගෙන්වන ගොඩක් දුරකතන මෙරට සිම් කාඩ් සමග වැඩ නොකරන්නේ ඒ නිසාය.
මෙවැනි ලොක් ආකාර කිපයක් තිබේ.
01. සිම් ලොක් (Sim Lock)
02. නෙට්වර්ක් ලොක් (Network Lock)
03. කන්ට්‍රි ලොක් (Country Lock) 

                  මෙසේ දුරකතන වලට යොදා ඇති අගුලු නොයෙක් ක්‍රමවලින් ඉවත් කිරිමට පුලුවන. ෆෝන් අන්ලොකින් ලෙස හදුන්වන්නෙ මෙයයි. දුරකතන අන්ලොක් කිරිමට නොයෙක් උපක්‍රම තිබේ. බහුලම හ සාර්ථකම ක්‍රමය වන්නෙ මෘදුකාoග යොදා දුරකතන අන්ලොක් කිරිමය. මේ ආකාරයෙන් දුරකතන අන්ලොක් කරන වෙබ් අඩව් තිබේ. නිදසුනක් ලෙස http://unlock.nokiafree.org/  වෙබ් අඩවිය දැක්විය හැක. දුරකතනය අන්ලොක් කිරිමට මුලික වශයෙන් ඕන කරන්නෙ දුරකතනයේ  IMEI (International Mobile Equipment Identification) අoකයයි. මෙය දුරකතනයේ පිටුපස සදහන් කර ඇති අතර *#06#  යෙදිමෙන්ද ලබා ගත හැක. නොයෙක් මාදිලියෙ දුරකතන අන්ලොක් කිරිමට ඕනැ කරන මෘදුකාන්ග හා උපදෙස් පහත දැක්වෙන වෙබ් අඩවි වලින් ලබා ගත හැක.

0 Response to "ජoගම දුරකතන අන්ලොක් කරන හැටි"


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme